ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුමට යළි අවසර

Share

ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඊයේ දිනයේ සිට පැය 12 ක් සිය ට්විටර් ගිණුමෙන් ඉවත් කිරීමෙන් පසු නැවත ට්වීට් කිරීමට එම සමාගම අවසර දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

ට්විටර් ප්‍රකාශකයෙකු පවසා තිබෙන්නේ “ට්වීටර් ඉවත් කර පැය 12 ක කාල සීමාව ඉකුත්වීමෙන් පසුව @realDonaldTrump වෙත ප්‍රවේශය යථා තත්වයට පත් කල බවයි

එමෙන්ම “අපගේ සිවිල් අඛණ්ඩතාව හෝ ප්‍රචණ්ඩකාරී තර්ජන ප්‍රතිපත්ති ඇතුළුව ට්විටර් නීති රීති උල්ලංඝනය කිරීම නැවත සිදුවුවහොත් @realDonaldTrump ගිණුම ස්ථිරවම අත්හිටුවනු ඇති බවත් ප්‍රකාශ කර තිබේ

ට්‍රම්ප් නැවත වේදිකාවේ නීති උල්ලංඝනය කළහොත් එය ස්ථිරවම තහනම් කරන බව ට්විටර් සමාගම ප්‍රකාශ කරන අතර ට්‍රම්ප්ගේ ෆේස්බුක් තහනම දින නියමයක් නොමැතිව දීර්ඝ කර තිබේ.

ඊයේ ට්‍රම්ප්ගේ ආධාරකරුවන් අමෙරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුලුවීමට උත්සහ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඒබැවින් වොෂින්ටන්හි ට්විටර් සමාජ මාධ්‍ය ජාලයට ද මේ වනවිට සීමා පනවා ඇති අතර ඩොන්ල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම සහ ෆේස්බුක් ගිණුම් පැය 12 ක කාලයකට අවහිර කර තිබෙන බව වාර්තා වෙයි.

ඒ ජනාධිපතිවරයා ජනතාව නොමඟ යන ප්‍රකාශ සිදුකිරීම හේතුවෙන් ඔවුන් මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අමෙරිකානු සෙනට් මණ්ඩලයේ පාලනය තීරණය කරන ජෝර්ජියා ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමග වොෂින්ටන් නුවර විරෝධතාකරුවන්ගේ අක්‍රමණයට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අමෙරිකානු සෙනට් මණ්ඩලයේ පාලනය තීරණය කරන ජෝර්ජියා ප්‍රාන්ත මැතිවරණය ජයග්‍රහණය කිරීමට ඩිමොක්‍රටික් පක්ෂය සමත් විය.

ඒ අනුව ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක රෆායෙල් වර්නොක් සිය ජය තහවුරු කර ගත්තේ, රිපබ්ලිකන් පක්ෂයේ කෙලී ලොෆ්ලර් පරාජය කරමිනි.

අමෙරිකානු සෙනට් මණ්ඩලයේ පූර්ණ බලය හිමිකර ගැනීම සඳහා ජනාධිපති ධූරයට තේරී පත් වී සිටින ජෝ බයිඩ්න්ගේ ඩිමොක්‍රටික් පක්ෂයට හැකි විය.

ඒත් සමග අමෙරිකාවේ අගනුවර වන වොෂිංටන්හි ට්‍රම්ප් හිතවාදි කණ්ඩායම් විරෝධතා ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

ඉතා ප්‍රචණ්ඩ අයුරින් ට්‍රම්ප් හිතවාදීන් විදි බැස කලහාකාරී අන්දමින් හැසිරෙන දර්ශන මාධ්‍ය වෙත නිකුත් වී ඇත.

අවිගත් විරෝධතාකරුවන් එලෙස කැපිටල් ගොඩනැගිල්ලට ඇතුලුවී එහි දේපළවලට හානිකර තිබුණි.

කැපිටල්හිල් ගොඩනැල්ලේ දොරටු වසා ආරක්ෂාව තර කර තිබුණ ද විරෝධතාකරුවන් ඉතා ප්‍රචණ්ඩ අයුරින් ඒ තුළට ඇතුළුවීමට උත්සහ දරා තිබේ.

ට්‍රම්ප්ගේ ආධාරකරුවන් කැපිටල් ගොඩනැගිල්ලට ප්‍රචණ්ඩකාරිව ඇතුල් වූ ඡායාරූප

ට්‍රම්ප්ගේ ආධාරකරුවන් අමෙරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුලුවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

මුළු වොෂින්ටන් ප්‍රදේශයේම මේ වන විට ලොක්ඩවුන් කර තිබෙන අතර නව ජනපතිගේ පදවි ප්‍රාප්තිය පවත්නා තෙක් මෙම ඇදිරි නීතිය තවදුරටත් පවත්නා බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

Supporters of Trump are confronted by Capitol Police officers outside the Senate Chamber inside the

Read more

Local News