ජකර්තා අගනුවරින් ගුවන්ගත වූ යානයක් අතුරුදන් වෙයි

Share

ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරින් ගුවන්ගත වූ යානයක් ගුවන් පාලක මැදිරිය සමග තිබූ සබඳතා බිඳ වැටී ඇතී බව  විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

එම යානය ජකර්තා අගනුවරින් ගුවන් ගත වී මිනිත්තු 5කට පසුව ගුවන් පාලක මැදිරිය සමග පැවති සබඳතා බිඳ වැටී ඇති බව වාර්තා වෙයි.

අදාළ යානයේ මගීන් 56 සිට ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

ගුවන් යානය ජකර්තා අගනුවර සිට දකුණු කලිමන්තන් ප්‍රාන්තයේ පිහිටි බෝර්නියෝ දුපත් බලා පියාසර කිරීමට ගමන් අරඹා තිබු අතර එලෙස අතුරුදන් වී ඇත්තේ ශ්‍රී විජය ගුවන් සේවයට අයත් බෝයිං 737 වර්ගයේ මගී ගුවන් යානයකි.

Read more

Local News