මන්ත්‍රී ගයන්තට කොරෝනා නෑ

Share

ඊයේ දිනයේ කොරෝනා ආසාදිත බවට තහවුරු වී ඇති, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා 2021.01.05 දින පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේ ඔහුගේ සමීප ආශ්‍රිතයෙකු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා හඳුනා ගනු ලැබිය.

 

ඒ අනුව මන්ත්‍රීවරයා ස්වෙච්ජාවෙන් පීසීආර් පරීක්ෂණයකට යොමුව ඇති අතර එහි ප්‍රතිඵලය අනුව මන්ත්‍රීවරයාට හෝ පවුලේ කිසිවෙකුට කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇත.

ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව වාර්තා වෙයි.

මේ අතරශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රාසයේ නායක රවුෆ් හකීම් මහතාට කොරෝනා වැළදී තිබෙන බවට තහවුරු විය.

මේ බව ඒ මහතා සිය ටිවිටර් ගිණුම ඔස්සේ සටහන් කර තිබේ.

මේ අතර රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ පුද්ගලික ලේකම්වරයාටත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

මේ වන විට අමාත්‍යවරයාගේ පළමු පෙළ ආශ්‍රිතයින් 118 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැවසීය.

පසුගියදා රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොරෝනා වෙෙරසය වැළදී තිබෙන බවට තහවුරු විය.

රාජ්‍ය අමාත්‍යවරයා කොවිඩ් ආසාදිතව හික්කඩුව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබන අතර ඉකුත් දින කිහිපයේ ඔහුගේ ආශ්‍රිතයින් හඳුනාගැනීම සඳහා සෞඛ්‍ය අංශ කටයුතු කරමින් සිටී.

මේ අතර පසුගියදා රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් අනතුරුව ඔහුගේ නිල ෆේස්බුක් පිටුව ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කර තිබුණි.

එම ප්‍රකාශය පහතින්,

“රට තුළ පවතින covid 19 සෞඛ්‍ය තත්වය හමුවේ PCR පරීක්ෂණයක් සදහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ මා හට covid 19 වෛරසය ආසදනය වී ඇති බව තහවුරු විය.එබැවින් ජාතික covid මර්දන උපදේශනයට අනුව මා මේ මොහොතේ නිරෝධානය නීතිමය ක්‍රියාවලිය සමග සම්බන්ධ වී ඇත.තවද මේ මොහොතේ covid 19 වෛරසය ආසදනය වී ඇති ලෝකවාසී සියලුම දෙනාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි.

මම : දයාසිරි ජයසේකර”

මේ අතර රාජ්‍ය අමාත්‍යවරයා මේ වන විට ප්‍රතිකාර සඳහා හික්කඩුව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමුකර ති‌‌‌බේ.

මේ අතර පසුගියදා රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හමුවූ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පැවසුවේ තමා කොවිඩ් -19 සඳහා PCR පරීක්ෂණයක් සිදු කරගෙන තිබෙන අතර අදාල පරීක්ෂණයෙන් තමන්ට වෙෙරසය වැළදී නොමැති බවයි.

හරීන් ප්‍රනාන්දු මහතා ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් මෙය සදහන් කර තිබේ. අදාල පණිවිඩයේ වැඩිදුරටත්් සදහන් වන්නේ දයාසිරි ජයසේකර මහතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවයි.

Read more

Local News