නගර 13ක් උපායමාර්ගික නගර ලෙස සංවර්ධනය කිරීමට පියවර

Share

මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන උපායමාර්ගික නගර සංවර්ධන සැලැස්ම යටතේ නගර 13ක් උපායමාර්ගික නගර ලෙස සංවර්ධනය කිරීමට හඳුනාගෙන ඇත.
ඒ අනුව මහනුවර, ගාල්ල, යාපනය, අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව, බදුල්ල, රත්නපුර, මාතර, කුරුණෑගල, නුවරඑළිය සහ දඹුල්ල එලෙස සංවර්ධනය කරනු ඇත.
මූලික සේවා වැඩිදියුණු කිරීම මඟින් විශාල යටිතල පහසුකම්වල පවතින පරතරයන් අවම කිරීම, නාගරික කේන්ද්‍රස්ථාන අතර සංචලතාව හා සම්බන්ධතාව වැඩිදියුණු කිරීම, නාගරික පහසුකම් දියුණු කිරීම, දේශීය උරුමයන් සංරක්ෂණය කිරීම, වැසි ජල අපවහන කළමනාකරණය, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය, සනීපාරක්ෂාව හා බැඳුණු කාර්යයන් වැනි පාරිසරික සංරක්ෂණය වැඩිදියුණු කිරීම සහ එම නගරවල ජීවත්වීමට ඇති හැකියාව වැඩිදියුණු කිරීම යනාදිය කෙරෙහි අවධානය යොමු කෙරෙනු ඇත.

Read more

Local News