ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක් : 7ක් මරුට (ඡායාරූප)

Share

ඉන්දුනීසියාවේ, සුලාවේසි දිවයිනේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

 

එම භූ කම්පනයේ ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 6.2 ක් ලෙස සටහන් වී ඇති අතර භූ කම්පනයෙන් පුද්ගලයින් 7ක් ම්යගොස් තවත් 24 දෙනෙකු තුවාල ලබා ඇති බව ඉන්දුනීසියාවේ ආපදා අවම කිරීමේ ඒජන්සිය වාර්තා කරයි.

සුලාවේසි දිවයිනේ මැජීන් නගරයේ සිට කිලෝමීටර් 06 ක් ඊසාන දෙසින් කිලෝමීටර් 10 ක් භූ අභ්‍යන්තරයේ මෙම කම්පනය හටගෙන තිබේ.

සුලාවේසි ආණ්ඩුකාර කාර්යාලය ඇතුළු ගොඩනැගිලි කිහිපයකට භූ කම්පනයෙන් හානි වී තිබේ.

Reuters Graphic

Read more

Local News