බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු කොළඹට කැඳවයි

Share

එංගලන්තයේ ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු කොළඹට කැඳවීමට නියමිත බව වාර්තා වෙයි.

මෙම කැඳවීම සඳහා හේතු වි ඇත්තේ, පසුගියදා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට ඇතිවූ සිදුවීම පිළිබඳව තොරතුරු ලබාගැනීම බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, එම සිදුවීමෙන් පසුව ඔහුව ආරක්ෂක උපදේශක තනතුරෙන් ඉවත්කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කළත් පසුව ජනපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඔහුව ධුරයේ  පිහිටවනු ලැබීය.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක ද මීට ඉහතදී සඳහන් කළේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව හමුදාවෙන්ද කිසිඳු පරීක්ෂණයක් නොකරන බවයි.

Read more

Local News