කුලියාපිටිය ශික්ෂණ රෝහලේ 14කට කොරෝනා

Share

කුලියාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් සිව් දෙනෙකු ඇතුළු කාර්යමණ්ඩල සාමාජිකයින් 14 දෙනෙකු කොවිඩ්-19 ආසාදිතයින් බවට හඳුනාගෙන තිබේ.

 

ඊයේ දිනයේ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවේදී එම ආසාදිතයින් හඳුනාගත් බව කුලියාපිටිය ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උත්පල සංකල්ප මහතා පැවසීය.

වෛද්‍යවරුන් සිව් දෙනෙකුත් , රෝහලේ ශල්‍ය වෛද්‍ය වාට්ටුවලට අනුයුක්තව සේවයකළ හෙද නිලධාරින් 8ක් සහ , කණිෂ්ඨ කාර්යය මණ්ඩල සේවකයින් දෙදෙනෙකු කොවිඩ් ආසාදිතයින් බව හඳුනාගෙන තිබේ.

මේ වන විට එම රෝහලේ ශල්‍ය වෛද්‍ය වාට්ටු සංකීර්ණයේ සේවයකළ සියලු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සියලුම රෝගීන් පී.සී.ආර් පරීක්ෂණයට යොමුකර ඇති බවත් වාර්තා වෙයි.

Read more

Local News