ලීයෙන් තැනූ ලෝකයේ උසම ගොඩනැගිල්ල ජපානයෙන්

Share

ලීයෙන් තැනූ ලෝකයේ උසම ගොඩනැගිල්ලට හිමිකම් කීමට ජපන් සමාගමක් සූදානම් බව වාර්තා වේ. ඒ 2041 දී එම සමාගමේ 350 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙනි.

සුමිටොමො ෆොරෙස්ට්‍රි සමාගම පවසන්නේ එය මහල් 70 කින් සමන්විත මෙම ගොඩනැගිල්ල W350 ලෙස නම් කර ඇති බවයි.

එය නිමවන්නේ යකඩ 10% කිනි. වර්ග අඩි එක් ලක්ෂ අසූ දහසක් දේශීය ලී එකතුවකින් නිමවෙයි. ගොඩනැගිල්ල කොළ අතු සහ ගස්වලින් සැරසුණු සඳලුතල සහිත නිවාස අට දහසකින් සමන්විත වන බවත් එම සමාගම පවසයි.

ලී සහ යකඩවලින් තැනෙන අඩි 1,150 ක කුලුනක් මධ්‍යයේ කම්පනය පාලනය කිරීම සඳහා යකඩ බට යුගලයක් සවි කිරීම මගින් ටෝකියෝ නුවර නිතර ඇතිවන භූ කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාවක් මෙම ගොඩනැගිල්ලට ලැබෙනු ඇත.

මෙම ගොඩනැගිල්ල ඉදි කිරීමට වැය වන මුදල ජපන් යෙන් බිලියන හයසියයක් එනම් ඇමෙරිකානු ඩොලර් බිලියන 5.6ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර එය සාමාන්‍යයෙන් ගොඩනැගිල්ලක් ඉදි කිරීමට වැයවන මුදලට වඩා දෙගුණයකි.

Read more

Local News