භාණ්ඩ වල මිල ඉහළ දැමීමට ඉල්ලීම් කළද මිල ඉහළ දමන්නේ පුළුල් පරීක්ෂණයකින් අනතුරුවයි

Share

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න පවසන්නේ විවිධ සමාගම් විසින් විටින් විට තම නිෂ්පාදන භාණ්ඩ වල මිල ඉහළ දමන ලෙස ඉල්ලීම් සිදු කළද මිල ඉහළ දමන්නේ පුළුල් පරීක්ෂණයකින් අනතුරුව බවයි.

වසරකට කිහිපවරක් තම නිෂ්පාදන ද්‍රව්‍යවල මිල ඉහළ දැමීමට ඉල්ලීම් කරනු ලබන බවත් එවැනි ඉල්ලීම් ලැබීම සාමාන්‍යයෙන් වසරකට කිහිප වාරයක්ම අදාළ සමාගම් ඉල්ලීම් සිදු කරන බවද එම භාණ්ඩයේ මිල ඉහළ දැමීමට අවශ්‍ය නම් එවැනි ඉල්ලීම් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයකින් අනතුරුව මිල වැඩිකිරීම සිදුකරන බවත් පෙන්වා දෙයි.

එමෙන් ම මිල වැඩිකිරීම සඳහා ඉල්ලීමක් ලැබුණු පසු ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කොට ජීවන වියදම් අනු කාරක සභාවට ඉදිරිපත් කොට අවසානයේ මිල වැඩිකිරිමේ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවත් කී සභාපතිවරයා ඉන් අනුතරුව පමණක් මිල ඉහළ දැමීමක් සිදු කළ හැකි බවත් පෙන්වා දෙයි.

මේ වන විට ගෑස් මිල වැඩිකිරීම සම්බන්ධයෙන් ඉල්ලීම් ලැබි ඇති බව කී සභාපතිවරයා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන බවත් පැවසීය.

Read more

Local News