සා /පෙළ සිසුන් සඳහා බස්නාහිර පළාතේ පාසල් ඇරඹේ

Share

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් සඳහා බස්නාහිර පළාතේ පාසල් වල අධ්‍යයන කටයුතු අද (25) සිට ආරම්භ වෙයි

 

නමුත් බස්නාහිර පළාත තුළ හුදකලා කර ඇති ප්‍රදේශ වල පාසල් ආරම්භ නොවන අතර අද දිනයේ විවෘත කිරීමට බලාපොරොත්තු වන පාසල් මහජන පරීක්ෂක වරුන්ගේ අධීක්ෂණය යටතේ ඊයේ (24) දිනයේ දී විෂබීජ හරණය කිරීම සිදු කෙරුණි

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මස පළමු වැනිදා ආරම්භ වීමට නියමිතය

මේ අතර අද සිට බස්නාහිර පළාත හැර සෙසු ප්‍රදේශවල උපකාරක පන්ති පැවැත්වීමට අවසර ලබාදී තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් නියම කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් පංති පැවැත්වීමට අවසර ලබා දී ඇති බව වාර්තා වේ.

Read more

Local News