ගිය වසරේ උඩවළව ජාතික වන උද්‍යානයෙන් රුපියල් මිලියන 358 ආදායමක්

Share

2017 වසරේ උඩවළව ජාතික වන උද්‍යානයට සංචාරකයින් 236,867කට අධික පිරිසක් පැමිණ ඇති අතර රුපියල් මිලියන 358.44කට වැඩි ආදායමක් ලැබී ඇතැයි තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශය සඳහන් කරයි.
ඒ අනුව හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයට දේශීය සංචාරකයින් 121,978ක් පැමිණ ඇති අතර ඒ හරහා මිලියන 6.44ක ආදායමක් උපයාගෙන ඇත.
එමෙන් ම එම වසරේ දී විදේශීය සංචාරකයින් 114.889ක් පැමිණ ඇති අතර ඉන් රුපියල් මිලියන 211.51ක ආදායමක් උපයාගෙන ඇත.
සංචාරක පැමිණීමට අමතර ව රුපියල් මිලියන 140.49ක ආදායමක් ද උපයාගෙන ඇත.

Read more

Local News