උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීම අදින් අවසන් – විභාග දෙපාර්තමේන්තුව

Share

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීම අදින් (23) අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
අදින් පසුව ඉදිරිපත් කෙරෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.
විභාග කොමසාරිස්වරයා පැවසුවේ මේ දක්වා අයදුම්පත් යොමු නොකළ පාසල් අයදුම්කරුවන් විදුහල්පතිවරයා මාර්ගයෙන්ද පෞද්ගලික අයදුම්කරුවන් තමා විසින්ද සිය අයදුම්පත් අද දිනය තුළ විභාග දෙපාර්තමේන්තුවට යොමු කළ යුතු බවයි.

Read more

Local News