නිදහස් දිනයේ පෙරහුරුව නිසා අදත් විශේෂ රථවාහන සැලැස්මක්

Share

73 වන ජාතික නිදහස් දිනයේ පෙරහුරු හේතුවෙන් කොළඹ නිදහස් චතුරශ්‍රය අවට මාර්ගවල පෙරවරු 6.00 සිට පස්වරු 1.00 දක්වා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

 

නිදහස් උත්සවය යෙදෙන හෙට දින අලුයම 4.00 සිට පස්වරු 1.00 දක්වා ද එම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක බව ඒ මහතා වැඩ්දුරටත් ප්‍රකාශ කළේය.

ඒ අනුව නිදහස් චතුරශ්‍රය අවට මාර්ග කිහිපයක් සම්පූර්ණයෙන් වසා තැබෙන අතර තවත් මාර්ග කිහිපයක රථවාහන ධාවනය සීමා කෙරෙනු ඇති.

එම කාලය තුළ ගමන් කිරීමට විකල්ප මාර්ග කිහිපයක් ද හඳුන්වා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

Read more

Local News