සිරියාවේ අඛණ්ඩව සිදු වන ප්‍රහාර – සිවිල් වැසියන් 300 දෙනකුට වැඩි සංඛ්‍යාවක් මිය යයි

Share

සිරියාවේ අඛණ්ඩව සිදු වන ප්‍රහාර වලින් දින තුනක් තුළ සිවිල් වැසියන් 300 දෙනකුට වැඩි සංඛ්‍යාවක් මිය ගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් සිරියා රජයට පමණක් නොව රුසියාවට ද චෝදනා එල්ල වෙයි.

මෙතරම් සංඛ්‍යාවක් මිය ගොස් ඇත්තේ සිරියා රජයේ හමුදා ඉකුත් දින තුනක කාලයේදී එල්ල කරන ලද ගුවන් හා රොකට් ප්‍රහාරවලිනි. නැගෙනහිර ගූථා ප්‍රදේශය 2013 වසරේ සිට කැරැලිකරුවන්ගේ පාලනයේ තිබෙන අතර සිරියා රජයේ හමුදා සහ රුසියානු ඒකාබද්ධ හමුදා එම ප්‍රදේශයට අඛණ්ඩව ගුවන් ප්‍රහාර එල්ල කරයි.

මෙම ගුවන් ප්‍රහාර හමුවේ කුඩා දරුවන් මිය යෑමට විරෝධය පළ කරමින් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල වන ‘යුනිසෙෆ්’ සංවිධානය විස්තරාත්මක පාද සටහන් දැක්වෙන විශේෂ ‘හිස් ලියවිල්ලක්’ ද ප්‍රසිද්ධියට පත් කළේය.

Read more

Local News