මම මේ රට පාලනය කරන්නේ බෞද්ධ ඉගැන්වීම්වලට අනුවයි : ජනපති

Share

දුෂණයට කුමන හෝ අයුරකින් සහය නොදක්වන ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනපති 73වන නිදහස් සැමරුමේදී ජාතිය අමතමින් සඳහන් කළේය.

 

එමෙන්ම පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සැලසුම් කළ හා ඊට අනුබල දුන් සෑම පාර්ශවයකටම එරෙහිව පියවර ගන්නා බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් පැවසීය.

ජනපතිවරයා වැඩ්දුරටත් පැවසුවේ “මම මේ රට පාලනය කරන්නේ බෞද්ධ ඉගැන්වීම්වලට අනුවයි. සෑම ආගමකටම, සෑම ජාතියකටම නිසි ගෞරවය ලබා දෙන අවිහිංසාවාදී සාමකාමී බෞද්ධ දර්ශනය තුළ සෑම ආගමිකයෙකුටම සහ සෑම ජාතිකයෙකුටම රටේ පවතින නීති රාමුව තුළ එක හා සමාන නිදහස භුක්ති විඳීමේ අයිතිය තියෙනවා. මම රටේ ජනතාවගෙන් සෑම විටම ඉල්ලා සිටින්නේ විචාර බුද්ධියෙන් කටයුතු කරන්නට කියලා,”  යනුවෙනි.

තවද ජනපතිවරයා සදහන් කළේ” රටේ ජනතාවගේ විශේෂ අවධානයට ලක්වී ඇති පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය, මහ බැංකු වංචා වැනි අපරාධ සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගන්නා ලෙසට මම නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව මට දැන් ලැබී තිබෙනවා. එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා.බවයි

Read more

Local News