කොරෝනා ආසාදිතව, අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා ජීවිතක්ෂයට පත්වී තිබේ.
මිය යන විට ඒ මහතාගේ වයස 89 කි.
කොරෝනා වෛරසය ආසාදනයවීම හේතුවෙන් නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ ඒ මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා පසුගිය 2 වන දා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කෙරුණි.