පළාත් පාලන ආයතන සඳහා සභිකයින් 5075ක්

Share

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභිකයින් 17 දෙනා හැර මෙවර පළාත් පාලන ඡන්ද විමසීම අනුව පළාත් පාලන ආයතන සඳහා සභිකයින් 5075ක් තේරී පත් වන බවයි.

මෙම මැතිවරණයෙන් සෑම කොට්ඨාසයකින්ම 5%කට අඩු ඡන්ද ප්‍ර‍තිශතයක් ලබාගත් සියලු දෙනාගේම ඇප මුදල් රාජසන්තක වන බව මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍ර‍ශ්නයකට පිළිතුරු දෙමින් සභාපතිවරයා සඳහන් කළේය.

ඇල්පිටිය ප්‍රාදේශය සභාවට උසාවියේ තහනම් නියෝගයක් තිබෙන අතර එම නඩුව ලබන 3 වැනිදා තිබෙන බවත් අනෙකුත් සියලුම පළාත් පාලන ආයතනවල ප්‍ර‍තිඵල නිකුත් කර තිබෙන බවත් කොමසාරිස්වරයා පෙන්වා දුන්නේය.

Read more

Local News