චීන උප අගමැති 2026 ජාත්‍යන්තර සේවා වෙළඳ සමුළුවේදී විදේශීය නායකයන් හමු වෙයි

Share

2026 ජාත්‍යන්තර සේවා වෙළඳ සමුළුව ඊයේ(9) චීනයේ බෙයිජිං නුවරදී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජික, චීන උප අගමැති Ding Xuexiang මහතා ඊට එක් වෙමින් දේශනයක් සිදු කළේය.
චීනය සේවා වෙළඳාම සංවර්ධනය කිරීම ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කරමින් සිටින අතර, එමගින් ලොව පුරා රටවල් සහ ව්‍යාපාර සඳහා නව අවස්ථා වැඩි වශයෙන් උදාවන බව චීන උප අගමැතිවරයා එහිදී කියා සිටියේය.
එදින පස්වරුවේ Ding Xuexiang මහතා, සිම්බාබ්වේ උප ජනාධිපති Constantino Chiwenga මහතා සහ බල්ගේරියානු නියෝජ්‍ය අගමැතිවරයා හමුවිය. සියලු පාර්ශ්වයන් සමග සාම්ප්‍රදායික මිත්‍රත්වය පවත්වා ගැනීමටත්, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ ජයග්‍රාහී සහයෝගීතාවය තුළින් නවීකරණය ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීමටත් චීනය කැමැත්තෙන් සිටින බව Ding Xuexiang මහතා සඳහන් කළේය.
චීනය සමග මිත්‍රශීලී සබඳතා සඳහා විදේශීය සම්භාවනීය ආරාධිතයෝ එහිදී ඔවුන්ගේ එකඟතාව පළ කළහ. විවිධ ක්ෂේත්‍රවල චීනය සමඟ ප්‍රායෝගික සහයෝගීතාවය ගැඹුරු කිරීමට සහ පුළුල් කිරීමට මෙන්ම ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීමට  ද  ඔවුහු කැමැත්ත පළ කළහ.

Read more

Local News