පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවිය සඳහා තබා තිබූ වෙළඳසැල් 12 ක් සදහා නඩු

Share

තංගල්ල නගරයේ හා ඒ අවට ප්‍රදේශයේදී ඊයේ (22) රාත්‍රී සිදුකළ රාත්‍රී වෙළදසල් හා ආපන ශාලා පරික්ෂාවකදී පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවිය සඳහා තබා තිබූ වෙළඳසල් 12 ක් සදහා නඩු පවරා අැත.

තංගල්ල නගරයේ හාැ නගරය අවට ප්‍රදේශයේ ඇති රාත්‍රී ආපනශාලා හා වෙළදසල් මෙහිදී පරික්ෂාවට ලක් කෙරිණි. පස්වරු 7.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලයේදී වෙළඳසල් පරික්ෂාව සිදුකළ අතර මෙහිදී වෙළඳසල් හා ආපනශාලා 48ක් පරික්ෂාවට ලක්කර පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවියට තැබූ වෙළඳසල් 12 ක් සඳහා නඩු පැවරීමටත් වෙළඳසල් හිමියන් 15 දෙනෙකුට තරයේ අවවාද කිරීමද සිදුකරන ලදී.

මෙම පරික්ෂාවේදී වෙළදසල්වල අලෙවියට තබා තිබූ ලේබල් රහිත බනිස්, මුද්‍රිත පත්තර මත තැබූ රෝල්ස්, කල් ඉකුත් වූ පැණි බීම, ව්‍යාජ ලෙස ඉදිරි දින යෙදූ මුදවපු කිරි, කුකුල් අසූචි තැවරුණු බිත්තර, ලේබල් නීති උල්ලංඝණය කර ඇසුරුම් කරන ලද යෝගට්, කල් ඉකුත් වූ කූනිස්සන්, නරක් වී තිබූ පළතුරු හා දීර්ඝ කාලයක් තිස්සේ ගබඩා කර තිබූ නරක් වූ කුකුල් මස් අත්අඩංගුවට ගත්හ. නරක් වී තිබී කුකුල් මස් එම ස්ථානයේදීම විෂබීජ නාශක යොදා විනාශ කරන ලදී.

Read more

Local News