හොරණ ශ්‍රී පාලි මණ්ඩපයට අංග සම්පූර්ණ ශ්‍රව්‍ය-දෘශ්‍ය අධ්‍යාපන ඒකකයක්

Share

විශ්වවිද්‍යාල සංවර්ධනය කිරීමේ දී එක් එක් විශ්වවිද්‍යාලයට වඩාත් යෝග්‍ය වන පාඨමාලා හඳුනාගනිමින් ඒ ඒ විෂයයන් සඳහා දිරිගැන්වීම සාර්ථක වන බව රජය හඳුනාගෙන ඇති බවත්, ඒ අනුව මාධ්‍යවේදීන් බිහිකිරීම වෙනුවෙන් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මෙතෙක් පැවති අභියෝගයට විසඳුමක් ලෙස අංග සම්පූර්ණ පහසුකම්වලින් සමන්විත ශ්‍රව්‍ය දෘශ්‍ය අධ්‍යයන ඒකකයක් ලබාදීමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බවත් අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි.

 

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, කොළඹ විශ්වවිද්‍යාලය අනුබද්ධිත හොරණ ශ්‍රී පාලි මණ්ඩපයේ අභිනවයෙන් ඉදිකළ ශ්‍රව්‍ය දෘශ්‍ය අධ්‍යයන ඒකකය විවෘත කිරීම වෙනුවෙන් පැවති උත්සවයකදීය.

Read more

Local News