LK ඩොමේන් යටතේ ලියාපදිංචිව ඇති වෙඩ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක්

Share

LK ඩොමේන් යටතේ ලියාපදිංචිව ඇති වෙඩ් අඩවි වෙත අද(06) උදෑසන සිදු වූ අනවසර ඇතුළුවීම රජයේ වෙබ් අඩවි ඉලක්ක කරගෙන සිදු වූ බව LK ඩොමේන් ලේඛකාධිකාරී, මහාචාර්ය ගිහාන් ඩයස් මහතා පවසයි.

 

ප්‍රහාරයට ලක්වූ රජයේ වෙබ් අඩවි ඇතුළු අනෙකුත් වෙබ් අඩවිවල IP ලිපින මාරු කර වෙනත් වෙබ් අඩවියකට පිවිසීමට ඉඩ හැර ඇති බවට ඒ මහතා වැඩ්දුරටත් සදහන් කළේය.

මෙම සයිබර් ප්‍රහාරයෙන් වෙබ් අඩවිවල දත්ත සොරාගෙන ඇති බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් වාර්තා වී නොමැත.

විදුලි සංදේශ කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සමග එක්ව එම ගැටලුව යථා තත්ත්වයට පත්කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

Read more

Local News