බස් රථය පිපිරීම ගැන සෙවීමට යුද හමුදාවෙන් 05 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක්

Share

දියතලාව, කහගොල්ල ප්‍රදේශයේදී බස් රථයක අත් බෝම්බයක් පිපිරිමෙන් පුද්ගලයින් 19 දෙනෙකුට තුවාල සිදුවිම සම්බන්ධයෙන් විමර්ශනය සඳහා යුධ හමුදාව මූලික පරික්ෂණ උසාවියක් පත් කර තිබේ.

යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සදහන් කළේ සමාජිකයින් 05 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඒ සඳහා පත් කර ඇති බවය.

අදාළ සිදුවිම සම්බන්ධයෙන් පොලිසිය ද විමර්ශනයක් ආරම්භ කර තිබේ.

රජයේ රස පරික්ෂකවරයා තහවුරු කර තිබුණේ බස් රථය තුළ අත් බෝම්බයක් පුපුරාගොස් ඇති අතර ඒ හේතුවෙන් ගිනි ගැනිම සිදුව ඇති බවය.

Read more

Local News