වන්නිල ඇත්තෝ අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරයි

Share

ආදිවාසීන්ගේ නිජ බිම් මහවැලි අධිකාරිය යටතට පවරාගෙන ඒවා බඩ ඉරිඟු වගාකිරීම සඳහා පෞද්ගලික සමාගම්වලට පවරා දීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

 

වනජීවී අමාත්‍යවරයා, පරිසර අමාත්‍යංශ ලේකම්වරයා, මහවැලි සංවර්ධන අධිකාරිය, වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවල අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඇතුළු පිරිසක් පෙත්සමේ වගඋත්තකරුවන් ලෙස නම්කර තිබේ.

පෙත්සම්කාර ආදිවාසී නායකයා කියා සිටින්නේ තම ශතවර්ෂ ගණනාවක් තමන් පදිංචිව සිටින සිය නිජ බිම්වලට අදාළ බිම් කොටස් මහවැලි අධිකාරිය යටතට පවරාගෙන ඒවා බඩඉරිඟු වගාකිරීම සඳහා සමාගම් වෙත පවරා දීමට පියවර ගෙන ඇති බවය.

එබැවින් වහාම එම ක්‍රියාවන් වළක්වන රීට් ආඥාවක් වගඋත්තකරුවන්ට නිකුත් කරන ලෙසට පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Read more

Local News