ගාලු මුවදොර ආදර්ශ වෙළෙඳකුටි ජනපති නිරීක්ෂණයට

Share

කොළඹ ගාලු මුවදොර පිටියේ ඉදි කෙරෙමින් පවතින ආදර්ශ වෙළෙඳකුටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද නිරීක්ෂණයට ලක් කරනු ලැබිය.

 

ගාලු මුවදොර පිටිය කේන්ද්‍රකොට ගත් සංවර්ධන ව්‍යාපෘතියේ තවත් පියවරක් ලෙස වෙළෙඳ කුටි පද්ධතිය ඉදි කිරිමට නියම්ත අතර නාවික හමුදාව නව සැලැස්මට අනුව ආදර්ශ වෙළෙඳ කුටි නිර්මාණය කර තිබේ.

ගාලු මුවදොර පිටියට ආකර්ශණීය පෙනුමක් ලැබෙන අයුරින් වෙළෙඳ කුටි ඉදිකිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන් අතර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජනරාල් දයා රත්නායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more

Local News