ත්‍රිකුණාමලය මහා රෝහල් බිමෙන් අද (23) තවත් පැරණි කාලතුවක්කුවක් මතු වී අැති වබ වාර්තා වෙයි.
රෝහල් පරිශ්‍රය තුළ හදිසි ප්‍රතිකාර අංශයේ වාට්ටු ඉදිකිරීම සඳහා කැණීම් කිරීමෙදී පසුගිය 15 වෙනිදා ද කාලතුවක්කුවක් මතුවිය.
ඒ අනුව සති දෙකක් ඇතුළතදී එම භූමියෙන් කාලතුවක්කු දෙකක් හමුවූ අතර ඒවා රැදී තිබුණේ එක් තීරුවක පිහිටි එකිනෙකට ආසන්න ස්ථාන දෙකකය.
අද හමුවූ කාලතුවක්කුව දිගින් අඩි 11ක් වන අතර ටොන් අටක බරින් යුතු බවයි සඳහන් වන්නේ.




 
                                    