පාස්කු කොමිසමේ පිටපතක් ඉල්ලුවත් මේ වෙනතෙක් ලැබුණේ නෑ :කාදිනල් හිමියන්

Share

ඉරුදින සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුනොවුනහොත් ජාත්‍යන්තර අධිකරණයට හෝ ගොස් සාධාරණය ඉටුකරන්නා බව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අද(11) දිනයේ අවධාරණය කළේය.

 

උන් වහන්සේ මේ බව පැවසුවේ අද පෙරවරුවේ කොළඹ අගරදගුරු මැදුරේ පැවති මාධ්‍ය හමුවකදීය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තාවේ පිටපතක් තමා ඉල්ලු නමුත් මේ වෙනතෙක් එය නොලැබුණ බව ද උන්වහන්සේ පැවසීය.

කාදිනල් හිම්යන් වැඩ්දුරටත් අදහස් දක්වමින් පැවසුවේ “හැකි ඉක්මනින් පිටපතක් ලැබෙන්න සලස්වන්න ලෙස ඉල්ලීමක් කළා. අන්න එතකොට අපිට ඒ ප්‍රශ්නයට විසඳුම් සොයාගන්න පුළුවන්. පාස්කු ප්‍රහාර කොමිසමට මමත් සාක්ෂි දුන්නා. ඒ වෙලාවෙදීත් මම කොමිසමෙන් ඉල්ලීමක් කළා ප්‍රහාරය වළක්වන්නට කටයුතු නොකරපු අය ගැන විතරක් නෙමෙයි මේ ප්‍රහාරය පිටුපස ඉන්නේ කවුද කියලා හොයන්න කියලා.“ යනුවෙනි.

Read more

Local News