කොවිඩ් සිරුරු භූමදානය කරන්නේ තාක්ෂණික කමිටුවේ තීරණය මත

Share

කොරෝනා වෛරසය ආසාදිතව මියයන පුද්ගලයින්ගේ සිරුරු භූමදානය කිරීම සිදු කරනු ලබන්නේ තාක්ෂණික කමිටුවේ තීරණය මත බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහතමිය සදහන් කළාය.

 

Covid-19 ආසාදිතව මියයන්නන්ගේ මෘතදේහ භූමදානය සඳහා අවස්ථාව ලබා දෙන්නේ කවදා දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා අද පාර්ලිමෙන්තුවේදී කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරිය මේ බව පැවසුවාය.

සෞඛ්‍ය අමාත්‍යාංශය පුද්ගලික තීරණ මත කටයුතු නොකරන බවත් තාක්ෂණික කමිටුවට මෙම යෝජනාව ඉදිරිපත් කර ඒ අනුව ක්‍රියා කරන බව රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළා ය.

Read more

Local News