ගිරාඹේ ආනන්ද නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු අද

Share

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ශ්‍රී සාරානන්ද පිරිවෙන් විහාරාධිපතිව වැඩ විසූ ගිරාඹේ ආනන්ද නාහිමියෝ දහස් සංඛ්‍යාත ජනතාවගේ සෝ සුසුම් මැද අද (24) පස්වරුවේ දැයෙන් සමුගනියි.

නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ අනුරාධපුර වලිසිංහ හරිශ්චන්ද්‍ර උද්‍යානයේ දී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කෙරේ.

ගිරාඹේ ආනන්ද නාහිමියෝ එක් ජන කොටසකට පමණක් සේවය කළ හිමිනමක් නොවේ. සියළු ජන කොටස් වලට පොදුවේ එක හා සමානව සේවය කළ උතුම් හිමි නමකි. පසුගිය වසරවලදී මල්වතු ඔය පිටාර ගලා යට වූ මහා ගම්වතුරින් විපතට පත් ජනතාවට මුළින්ම පිහිට වූයේ නායක හිමිපාණන් ය.

උන්වහන්සේ මෑත කාලයේ දී මෙරට බිහි වූ මානව දයාවෙන් පිරිපුන්, විශිෂ්ට ගණයේ සත්පුරුෂයෙකි. කිසි දිනෙක තනතුරු හිස මත තබා නොගත් නාහිමියෝ මේ රටේ නැති බැරි මිනිසුන් වෙනුවෙන් හඩක් නැගූ උතුමෙකි.

රජරටටත්, පොදුවේ මුළු මහත් රටටත් ආගමික, සංස්කෘතික හා සාමාජීය වශයෙන් උන්වහන්සේ මහා මෙහෙයක් ඉටු කළහ.

Read more

Local News