මහ කන්නයේ වී මිළ දී ගැනීම අරඹයි

Share

මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීමේ රජයේ වැඩපිළිවෙළ මේ වන විට ආරම්භ කර තිබේ.

 

වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් මිලදී ගැනීම සදහා රජය රුපියල් මිලියන දහසය දහස් හයසිය පනස් පහක මුදලක් වෙන්කර ඇති බව වාර්තා වෙයි.

උපරිම තෙතමනය සියයට 14 ක් වන නිසි ප්‍රමිතියෙන් යුත් සම්බා හා කීරි සම්බා වී කිලෝග්‍රෑම් 1 ක් රුපියල් 52 ක සහතික මිලකට මිලදී ගැනීමටයි කටයුතු යොදා ඇත.

එම ප්‍රමිතියෙන් යුත් නාඩු ඇතුලු අනෙකුත් වී වර්ගවල සහතික මිල රුපියල් 50 ක් වේ

තෙතමනය සියයට 14 ඉක්මවන හා සියයට 22 හෝ ඊට වඩා අඩු සම්බා මෙන්ම කීරි සම්බා වර්ගවල වී කිලෝග්‍රෑම් එකක් මිලදී ගැනීමේ සහතික මිල රුපියල් 46 කි.

එම ප්‍රමිතියේම නාඩු ඇතුලු අනෙකුත් වර්ගවල වී කිලෝග්‍රෑම් 1 ක් සදහා රුපියල් 44 ක සහතික මිලක් නියම කර ඇත

Read more

Local News