සතිමත්බව පිළිබද ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භක උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

Share

සතිමත්බව පිළිබද ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භක උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පස්වරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.
සතිපාසල පදනම විසින් සංවිධානය කර තිඛෙන මෙම සමුළුව පෙබරවාරි 25 වනදා දක්වා කොළඹදී පැවත්වේ.
මෙහි සමාරම්භක අවස්ථාවට සතිපාසල නිර්මාතෘ පූජ්‍ය මීතිරිගල තිස්සරණ වන සේනාසනයේ අධිපති පූජ්‍ය උඩඊරියගම ධම්මජීව නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ රටවල් 10 ක් නියෝජනය කරමින් නායක හිමිවරුන් සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, අකිල විරාජ් කාරියවසම්, ගාමිණි ජයවික්‍රම පෙරේරා යන මහත්වරුන් ද, සතිපාසල පදනමේ උපදේශක තාරා ද මෙල් මහත්මිය ඇතුළු සමාජිකයින් එක්ව සිටියහ.

Read more

Local News