කොවිඩ් නව ප්‍රභේදය ඉතා වේගයෙන් පැතිරෙනවා : වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

Share

මේ වන විට ලොවපුරා කොවිඩ් වෛරසය ව්‍යාප්ත වි පවත්නා අතර මෙරට නව කොරෝනා ප්‍රභේදයේ අසාදිත රෝගීන් හමු වූ ප්‍රදේශයන්හි සංචරණය සීමා කිරීමට පියවර ගන්නා බව කොවිඩ් රෝග මර්දන හා ප්‍රාථමික සෞඛ්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කළාය.

 

මේ අතර මෙම නව ප්‍රභේදය ඉතා වේගයෙන් පැතිරෙන බවට හඳුනාගෙන ඇති බවත් එම ප්‍රදේශවලින් පිටතට වෛරසය පැතිරී යාම අවම කිරීම සඳහා සංචරණ සීමා පැනවිය යුතු බවත් ඇය වැඩ්දුරටත් අවධාරණය කළාය.

බ්‍රිතාන්‍යයේ වේගයෙන් පැතිර යන කොරෝනා නව වෛරස් ප්‍රභේදය අහඹු නියැදි පරීක්ෂා කිරීමෙන් කොළඹ, අවිස්සාවේල්ල, වව්නියාව, බියගම යන ප්‍රදේශවලින් වාර්තා වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතයේ අධ්‍යක්ෂවරයා පසුගිය සතියේ සදහන් කළේය.

Read more

Local News