දීඝවාපීය ප්‍රතිසංස්කරණ අරමුදලට යුද හමුදාවෙන් මිලියන 10ක්

Share

ඓ‍ෙතිහාසික ‘දීඝවාපිය’ මහා සෑය ප්‍රතිසංස්කරණය කිරිමේ අරමුදල වෙනුවෙන් රුපියල් මිලියන දයහක මුදලක් ශ්‍රි ලංකා යුද්ධ හමුදාව විසින් පරිත්‍යාග කරන ලදී.

 

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් මෙම මුදල් පරිත්‍යාගය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පසුගිය 12 වැනිදා භාර දුන්නේ කොළඹ ශ්‍රී සම්බෝධි විහාරයේ දී පැවැත්වූ ඓතිහාසික ‘දීඝවාපිය’ මහා සෑය ප්‍රතිසංස්කරණය කිරීමේ අරමුදල පිහිටවූ අවස්ථාවේදීය.

වසර ගණනාවක් මුලුල්ලේ ප්‍රතිසංස්කරණයකින් තොරව පැවතුන ශ්‍රී ලංකාවේ ඓතිහාසික සොලොස් මස්ථානයන්ගෙන් එක් ආගමික ස්ථානයක් වන ‘දීඝවාපිය’ ස්ථූපය ප්‍රතිසංස්කරණය වෙනුවෙන්  ජනාධිපති කාර්ය සාධක බලකායක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිහිටවූ අතර එහි පූර්ණ අධීක්ෂණය යටතේ යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් ගුවන් හා නාවික හමුදාවලත් පොලිස් දෙපාර්තමේන්තුව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේත් දායකත්වය ඇතිව ස්ථූපයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේවන විට ආරම්භ කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අරමුදල පිහිටුවීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා, නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය, මහජන ආරක්‍ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර, ජාතික උරුම හා ප්‍රසාංගික කලා අමාත්‍ය ගරු විදුර වික්‍රමනායක මැතිතුමන්, අග්‍රාමාත්‍ය ලේකම්, ආරක්ෂක ලේකම් සහ ජාතික ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ සහ නැගෙනහිර පළාත් පුරාවිද්‍යා උරුම කළමනාකරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික), බෞද්ධ කටයුතු අමාත්‍යංශයේ ලේකම් කපිල ගුණවර්ධන මහතා, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති, ගුවන් හමුදාධිපති, පොලිස්පති, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරල් සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරල් අරුණ මනතුංග ආදී මහත්ම මහත්මීන් රැසක් සහභාගී වූහ.

Read more

Local News