දුඹුරු සීනි ආනයනය අත්හිටුවීමට තීරණයක්

Share

දුඹුරු සීනි ආනයනය නතර කිරීමට උක්, ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

 

මෙරට වාර්ෂික සීනි අවශ්‍යතාව මෙට්‍රික් ටොන් හය ලක්ෂයක් බවත් ඉන් මෙට්‍රික් ටොන් එක් ලක්ෂ විසිදහසක් දුඹුරු සීනි බවත් රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේය.

සීනි ආනයනයට වාර්ෂිකව වැය වන රුපියල් බිලියන 40ක මුදල අඩු කර ගැනීමට මෙම වැඩපිළිවෙළින් අපේක්ෂා කරන බව ද රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.

Read more

Local News