කාදිනල් හිමි කිතුනු බැතිමතුන්ගෙන් කළ ඉල්ලීම

Share

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ කිතුනු බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

 

ඒ සියලු ආගම්වලට අයත් ජනතාවට සමඟියෙන් සමාදානයෙන් ජීවත් විය හැකි පරිසරයක් සකස් කරන ලෙස ඉල්ලමින් චතාරික සමයේ මෙරට ජාතික ආගමික එකමුතුව වෙනුවෙන් යාච්ඤා කරන ලෙසයි.

ඒ සඳහා තතාරික සමය ආයුධයක් කර ගන්නා ලෙසත් 2019 තතාරික සමය නිමවීමෙන් පසු එළැඹි පාස්කු ඉරු දින කළ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් තුවාල වූ රට සුවපත් කර දෙන ලෙසට යාච්ඤා කරන්නැයිද උන්වහන්සේ මෙරට කිතුනු ජනතාවගෙන් ඉල්ලා සිටිති.

පාස්කු ඉරු දින ප්‍රහාරයෙන් පසු මෙරට කිතුනු ජනතාව පළි නොගන්නා පිරිසක් බව ලෝකයටම පෙන්වූ බවත් කියා සිටි උන්වහන්සේ කිතුනු ජනතාව යේසුස් ක්‍රිස්තුන් වහන්සේ කුරුසයේ ඇණ ගැසූ අයට සමාව දෙන ලෙස යාඤා කළ බවත් එලෙසම පාස්කු ප්‍රහාරය කළ අයවළුන්ටත් වෛර නොකිරීමෙන් එම පණිවිඩය ලෝකයට ගෙන ගිය බවත් පෙන්වා දුන්හ.

Read more

Local News