අවදානම් කලාප තුළ එන්නත ලබා නොගත් රාජ්‍ය – පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා එන්නත්කරණය සතිඅන්තයේ

Share

මේ වන විට ලොව පුරා කොරෝනා වෛරස තත්ත්වය පවත්නා පසුබිමක විවිධ රටවල් තුළ කොවිඩ් වෛරස පාලනය සදහා එන්නත් වර්ග නිපදවිම සිදු කරනු ලැබේ.

 

මේ අතර මෙරට තුළද නව කොවිඩ් වෛරස් ප්‍රභේදය ව්‍යාප්ත වීම හමුවේ සෞඛ්‍ය අංශ සදහන් කරනු ලබන්නේ හැකිතාක් ජනතව දැඩ් සෞඛ්‍ය නීතීරීතින් හා උපදෙස් පිළිපැදිය යුතු බවයි.

පසුගියදා මෙරට තුළද කොවිඩ් සදහා එන්නත්කරණය අරඹනු ලැබු අතර එහිදි පලමුව සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ සේවකයන් හට එන්නත ලබා දෙනු ලැබිය.

මිට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද බන්ධනාගාර නිලධාරින් හටද එන්නත ලබා දුන්නේය.

මේ අතර එන්නත්කරණ කටයුතු සිදුකරනු ලැබූ ප්‍රදේශවල එන්නත ලබා නොගත් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා එළඹෙන සතිඅන්තයේ එම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

කොවිඩ් එන්නත් ලබාදීමේ කටයුතු අද (18) දිනයේ දීත් සිදුකරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

තෝරාගත් ග්‍රාමසේවා වසම් සඳහා ඊයේ දිනයේ දී එන්නත්කරණය ආරම්භ කළ ද ස්ථාන කිහිපයක පමණක් ජනතා සහභාගීත්වයේ අඩුවක් පැවති බව ද මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.

ඒ හේතුව මත අද දිනයේ දීත් වයස අවුරුදු 30 ත් – 60ත් අතර කණ්ඩයේ සියලුදෙනාට එන්නත් ලබාගත හැකි බව ද පැවසු අමාත්‍යවරයා, කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව, ගොතටුව, මොරටුව, එගොඩඋයන හා හංවැල්ල යන ප්‍රදේශවලත්, කළුතර දිස්ත්‍රික්කයේ අඟලවත්ත, බණ්ඩාරගම, පානදුර, හොරණ හා මතුගම හා ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ, අත්තනගල්ල, මීගමුව, සීදුව, මහර, බියගම, වත්තල, මිනුවන්ගොඩ, මීරිගම, රාගම, ජා-ඇල, කැලණිය, කටාන දිවුලපිටිය හා දොම්පේ යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල ආවරණය වන පරිදි තෝරාගත් ග්‍රාමසේවා නිලධාරි වසම්වල එන්නත්කරණය සිදුකරන බවත් සඳහන් කළේය.

Read more

Local News