ඇන්ජෙලෝ මැතිව්ස්ගේ ශාරිරික යෝග්‍යතා පරික්ෂණය අද

Share

බංග්ලාදේශ සංචාරය අතරතුර ආබාධයට ලක්වූ ශ්‍රී ලංකා එක්දින හා විස්සයි20 පිලේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් එළැඹෙන නිදහස් කුසලාන තරගාවලියට සහභාගිවීම තීරණය කෙරෙන ශාරිරික යෝග්‍යතා පරික්ෂණය අද පැවැත්වීමට නියමිතය.

මැතිව්ස්ට අමතරව කුසල් ජනිත් පෙරේරා, දුෂ්මන්ත චමිර සහ නුවන් ප්‍රදීප් ද විවිධ ආබාධවලට ලක්වී සිටියත් පසුගියදා ආරම්භ වූ අන්තර් සමාජ විස්සයි20 තරගාවලියේදී නැවත තරග බිමට පිවිසීමට මැතිව්ස් හැර සෙසු ක්‍රීඩකයෝ සමත්වුහ.

එසේ වුවත් මේ ක්‍රීඩකයන් සිවුදෙනා නිදහස් කුසලාන තරගාවලියට නම් කරනු ලබන ශ්‍රි ලංකා පිලට එක්විම අද පැවැත්වෙන ශාරිරික යෝග්‍යතා පරික්ෂණයේදී තහවුරු කෙරෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේවෙතත් මැතිව්ස්ගේ ආබාධය මේ වනවිට සුව අතට හැරී ඇති බැවින් අද පැවැත්වෙන ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත්වුවහොත් නැවත නායකයා ලෙස නිදහස් කුසලාන තරගාවලියේදී කණ්ඩායම මෙහෙයවනු ඇතැයි ද  සඳහන් වෙයි.

නිදහස් කුසලාන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය මාර්තු මස 6 වැනිදා සිට ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

Read more

Local News