ගිය වසරේ රක්ෂිත ප්‍රදේශවල වාසස්ථාන සුපෝෂණ ව්‍යාපෘති සඳහා මිලියන 53.69ක් වැය කරයි

Share

තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශය සඳහන් කළේ රක්ෂිත ප්‍රදේශවල වාසස්ථාන සුපෝෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 2017 වසරේ දී රුපියල් මිලියන 53.69ක් වැය කර ඇති බවයි.
ඒ අනුව මෙම ව්‍යාපෘතිය යටතේ රක්ෂිත ප්‍රදේශවල හෙක්ටයාර් 50ක ආක්‍රමණශීලි ශාක ඉවත් කිරීම, හෙක්ටයාර් 75ක තෘණ භූමි කළමනාකරණය සහ යටි පඳුරු ඉවත් කිරීම සිදු කර ඇති අතර තවත් හෙක්ටයාර් 170ක වාසස්ථාන සුපෝෂණ කටයුතු සිදුකරමින් පවතී.
එමෙන් ම රක්ෂිත ප්‍රදේශ තුළ පිහිටි වැව් 06ක අලුත්වැඩියා කටයුතු සහ දියවළවල් 08ක ඉදිකිරීම් අවසන් කර ඇති අතර තවත් වැව් 25ක් සහ දියවලවල් 17ක ඉදිකිරීම් කටයුතු සිදුකරමින් පවතී.
මීට අමතර ව සූර්යය බලයෙන් ක්‍රියාකරන ජල සම්පාදන පද්ධතියක් කුමන ජාතික උද්‍යානයේ ද ස්ථාපිත කොට ඇත.

Read more

Local News