දිවයින පුරා තවදුරටත් වැසි – සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Share

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයින ආසන්නයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා තවදුරටත් වැසි බලාපොරොත්තු විය හැකි බවයි.

නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. සෙසු ප්‍රදේශවල තැනින් තැන විශේෂයෙන්ම, සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, නැගෙනහිර, ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත්  සමහර ස්ථානවලට තද වැසි (මි.මී. 100 වැඩි) ඇති විය හැක.

දිවයිනේ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොටදිස්ත්‍රික්කයේත් විටින් විට හමන (පැ.කි.මී 40 දක්වා) තරමක් තද සුළං බලාපොරොත්තු වේ.

Read more

Local News