පාස්කු කොමිසමේ වාර්තාවේ රහස් නැති බව ඇමති කෙහෙළිය කියයි

Share

පාස්කු කොමිසම විසින් ඉදිරිපත් කළ වාර්තාවේ රහසක් හෝ සැඟවිමට කිසිවක් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක හා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

 

ඒ සම්බන්ධයෙන් ඇති දුර්මතවාදයන් දුර්මත ලෙසින් ගන්නා බව අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමතිවරයා පැවසීය.

පාස්කු කොමිසන් වාර්තාව සම්ප්‍රදායට අනුව ප්‍රථමයෙන් ජනාධිපතිවරයාට භාර දුන් අතර ඉන් අනතුරුව කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡාවට ලක් වන බවද අමාත්‍යවරයා සදහන් කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මෙම වාර්තාව පළමුව ඉංශ්‍රිසි භාෂාවෙන් මුද්‍රණය කර ඇති අතර එය අනෙක් භාෂා දෙකෙන් ම මුද්‍රණය කළ යුතු වන බවයි.

එසේම,මුළු පාර්ලිමේන්තුවේ 225 දෙනාටම ලබා දීම සිදු වන අතර මෙම වාර්තාව පිටු 700කට අධික වන නිසාත් තරමක කාලයක් මේ සඳහා වැය වන බවත්  වාර්තාව සඳහා පස් පුද්ගල කමිටුවක් පත් කිරිම විවාදයට ලක් වුව ද එය තවදුරටත් ස්වාධින වාර්තාවක් කිරිම සඳහා මෙම පස් පුද්ගල කමිටුව පත් කළ බවත් ඇමතිවරයා සඳහන් කර සිටි.

කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමෙන් පසුව මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිත බවත්,ඉන්පසුව මෙය පොදු ප්‍රතිකාවක් ලෙසින් ජනතාව අතරට පත් කළ හැකි බවත් පැවසීය.

මේ සඳහා යම් කිසි කාලයක් අවශ්‍ය බවත්,එහි කිසිදු රහස්‍ය භාවයක් නොමැති බවත් සම කැබිනට් ප්‍රකාශක හා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අවධරණය කරනු ලැබීය.

මේ අතර පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශන සිදුකළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාවේ පිටපතක් මේ වනවිට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාරදී තිබේ.

Read more

Local News