මහා වංශය ලෝක උරුමයක් ලෙස නම් කිරීමට පියවර

Share

ඓතිහාසික විශයෙන් විශාල වැදගත්කම්න් යුත් මහා වංශය ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යුනෙස්කෝ සංවිධානය තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.

 

ඒ අනුව, පේරාදෙණිය විශ්වවිද්‍යාල පුස්තකාලයේ තබා ඇති මහා වංශය පුස්කොළ පොත ලෝක උරුමයක් ලෙස නම් කරනු ලබන අතර යුනෙස්කෝ සංවිධානයේ නියෝජිතයින් දිවයින පුරා ඇති පුස්කොළ පොත් පරීක්ෂා කර තිබෙන නමුත් ඒවායේ අඩුපාඩු තිබීම හේතුවෙන් එම පොත් ලෝක උරුමයක් ලෙසට නම් කිරීමට අවශ්‍ය සුදුසුකම් සපුරා නොමැති හෙයින් මෙම තීරණය ගෙන තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය උපුල් දිසානායක මහතා සඳහන් කළේ, විශ්වවිද්‍යාල පුස්තකාලයේ තබා ඇති 13 වන සිය වසේ ලිය වූ බව සදහන් මහා වංශයේ සියලු කොටස් නිවරැදිව පැවතීම සැලකිල්ලට ගෙන යුනෙස්කෝ සංවිධානය එම තීරණය ගෙන ඇති බවය.

Read more

Local News