ගාල්ල දිස්ත්‍රික්කයේ ඩෙංගු මර්ධන ව්‍යාපාරය පිළබදව සතුටු විය හැක – වෛද්‍ය වෙනුර සිංහආරච්චි

Share

ගාල්ල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඒකකයේ වසංගත රෝග ප්‍රධානි වෛද්‍ය වෙනුර සිංහආරච්චි මහතා පැවසුවේ,

පසුගිය වසරේ ඩෙංගු රෝගින් 550ක් පමණ ගාල්ලේ වාර්තා වී ඇත. මී උණ රෝගින් වැඩිවි ඇති බවත් පසුගිය වසරේ මී උණ රෝගින් 440 ක් වාර්තා වී ඇති බැවින් ජනතාව දැනුවත් කිරිමට වහාම පියවර ගත යුතුයි.

කසළ කළමණාකරණය හා ධීවර වරායන් ආශ්‍රිතව ඩෙංගු පාලනය කරන්නට පියවර ගත යුතුයි. ඩෙංගු මර්දනය සඳහා රුපියල් ලක්ෂ 80ක් පමණ මුදල් යොදවා ආරක්ෂිත පියවර ගෙන තියනවා. නියමිත පරිදි කසළ ප්‍රතිසංස්කරණය කරගෙන යන්නට නොහැකිවිම නිසා ඩෙංගු තත්ත්වය වැඩි වන්නට හේතු වෙනවා. රාජ්‍ය ආයතන හා පාසල් හා නිවාස ආශ්‍රයෙන් ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

සමස්තයක් වශයෙන් ගත් කළ ගාල්ල දිස්ත්‍රික්කයේ ඩෙංගු මර්ධන ව්‍යාපාරය පිළබදව සතුටු විය හැකි බවත් අම්බලන්ගොඩ ගාල්ල මහ නගරසභා බල ප්‍රදේශය හික්කඩුව, බෝපෙ පෝද්දල, ඇල්පිටිය, යන ප්‍රදේශයන්හි ඩෙංගු මර්ධන වැඩ සටහන ප්‍රගතියක් අත්පත් කර ගෙන ඇති බව ඔහු පැවසිය.

Read more

Local News