සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සංවිධානය කරන රන් අස්වනු කලා උළෙල මාර්තු මස 02 වනදා

Share

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන 2017/2018 ”රන් අස්වනු කලා උළෙල” මාර්තු මස 02 දින ප.ව. 2.00ට කොළඹ, බිෂොප් විද්‍යාලීය ශ්‍රවණාගරයේ දී පැවැත්වීමට නියමිතය.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ සේවයේ නියුතු දීප ව්‍යාප්ත සියළුම නිලධාරීන් සහ කාර්ය මණ්ඩලයේ සිය කුසළතා අගයනු වස් රන් අස්වනු නමින් තරඟාවලියක් පවත්වන ලදී.

නර්තන, ගායන, කෙටි නාට්‍ය ආදී තරඟ ඉසව් 23ක් යටතේ අනුතරඟ 45ක් පවත්වන ලදී. එම තරඟ අංශවලින් කුසළතා පෙන්වූ ජයග්‍රාහකයින්ට සම්මාන සහතික පත්‍ර පිරිනැමීම මෙම උළෙලේ අරමුණ බව සංස්කෘතික කටයුතු  දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය පවසයි.

අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතාගේ සහ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් කලා උළෙල පවැත්වෙයි.

Read more

Local News