බාධක, අභියෝග සහ ගැටලු පැමිණිය ද කළ යුතු යුතුකම් සහ වගකීම් කාලානුරුපීව කළ යුතුයි

Share

අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති, ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ පැරණි ව්‍යවස්ථාවට අනුව 02(I) ශ්‍රේණියට උසස් වීම් ලද නිලධාරීන් ස්ථානගත කිරීමේ ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ,

කෙතරම් බාධක, අභියෝග සහ ගැටලු පැමිණිය ද කළ යුතු යුතුකම් සහ වගකීම් කාලානුරුපීව කළ යුතු බවත්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ පැවති ඇතැම් අවිධිමත් කටයුතු විධිමත් කිරීමට පවා ඇතැම් පිරිස් සිය විරෝධය පළ කරමින් සිටින බවයි.

පවතින සමාජ රාමුවට අනුකූලව සෘජුව තීන්දු තීරණ ගෙන විනිවිදව ක්‍රියා කිරීමට අපහසු මට්ටමක් උදා වී ඇති බවත්, එම අපහසුතා මගහරවමින්, කළ යුතු වෙනස් කිරීමට උත්සුක වන මිනිසුන්ව ද සමාජය උපහාසයට ලක් කරන තත්ත්වයක් දක්නට ලැබෙන බවත් අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය.

ඇතැම් පිරිස් සිය පෞද්ගලික දේශපාලන අරමුණු වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රියාපටිපාටීන් විවේචනය කළ ද පෙර පැවති ඇතැම් රජයන් මෙන්ම පෙර ඇතැම් අමැතිවරුන් සහ නිලධාරීන් ක්‍රියා කළ අයුරින් රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය අඩාල වන අයුරේ වැඩපිළිවෙළක් තමා අනුගමනය නොකරන බව ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී පැවසීය.

Read more

Local News