රටේ අධිවේගී මාර්ග තැනීමට වඩා වර්තමානයේ ප‍්‍රධාන ම අභියෝගය ජලකළමනාකරණයයි

Share

බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සේවකයින් ඇගයීම වෙනුවෙන් සංවිධානය කර තිබූ ‘සංස්ථා අභිමානී’ උත්සව අවස්ථාවට සහභාගී වෙමින් සඳහන් කළේ, රටේ අධිවේගී මාර්ග තැනීමට වඩා වර්තමානයේ ප‍්‍රධාන ම අභියෝගය වන්නේ ජලකළමනාකරණය බවයි.
රටේ එක් පැත්තක ගංවතුර ඇතිවන විට තවත් පැත්තක නියඟය ඇතිවන බවද, එම නිසා මෙම ගංවතුර පාලනය කර වැඩිවන වතුර නියඟය පවතින ප‍්‍රදේශ කරා රැගෙන යාමේ යෝධ ජල ව්‍යාපෘතියක් රටට අවශ්‍ය බව අමාත්‍යවරයා පවසයි.
ඕලන්ද යුගයේ මෙන් ජලය භාවිත කර ප‍්‍රවාහන පද්ධතියක් ඇතිකර ගැනීම අවශ්‍ය බවත්, කැළණි ගඟේ ජලය භාවිත කර ඵලදායී ප‍්‍රවාහන පද්ධතියක් ඒ ආශ‍්‍රයෙන් නිර්මාණය කර ගත හැකි වන බවත් පෙන්වාදෙන අමාත්‍යවරයා කැලණි ගඟේ වැඩිවන ගංවතුර පාලනය කිරීමෙන් ගංඟාව ආශ්‍රිත නගර නිර්මාණය කර ගනිමින්, වැඩි වතුර වියළි කලාප වෙත රැගෙන යාමට කටයුතු කිරීම තුළින් එම ප‍්‍රදේශවල ගොවිජනතාව දුකින් මුදවා ගැනීම හැකියාව ඇති බවද අමාත්‍යවරයා පවසයි.

Read more

Local News