මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක්

Share

කුලියාපිටියේ සිට හැටන් පෝඩයිස් මාර්ගය හරහා ආගරපතන දක්වා ධාවනය වු මෝටර් රථයක් අද (2) මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුවී ඇතැයි හැටන් පොලිසිය පවසයි.

මෝටර් රථය වංගුවක් ගැනීමේ දී මෝටර් රථයේ හදිසියේ ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන අඩි දහයක් පමණ පහතට පෙරලී තිබෙන බවයි වාර්තා වන්නේ. එම මාර්ගය අධික වංගු සහ කදුබැවුම් සහිත මාර්ගයකි.

මෝටර් රථය අනතුරට පත්වන අවස්ථාවේ මෝටර් රථය තුළ සිව් දෙනෙකු ගමන් කර ඇතත් ඔවුන්ට කිසිදු අනතුරක් සිදුවී නොමැති බවත් අනතුරෙන් මෝටර් රථයට දැඩි අලාභ සිදු වී ඇති බව පොලිසිය පවසයි.

Read more

Local News