“Air Force TATTOO – 2018” ප‍්‍රදර්ශනය හා සැණකෙළියේ අවසන් දිනය අද

Share

ශ‍්‍රී ලාංකීය ලකඹර සුරැකීම තම වගකීම කර ගත් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව අභිමානවත් වු සිය 67 වන සංවත්සරයට සමගාමිව පවත්වනු ලබන “Air Force TATTOO – 2018” ප‍්‍රදර්ශනය හා සැණකෙළිය අම්පාර ගුවන් හමුදා කඳවුර පරිශ‍්‍රයේදි පසුගිය 03 දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයමිපති මහතාගේ ආරාධයෙන් ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා විසින් විවෘත කරන ලදි.

ත‍්‍රාසජනක ගුවන් සංදර්ශන, ගිනි නිවීම් හා ජිවිතාරක්ෂක මෙහෙයුම්, ගුවන් සුනඛ සංදර්ශන පැරෂුට් සංදර්ශන, විචිත‍්‍රවත් සරඹ සංදර්ශන ඇතුලු හමුදා ක‍්‍රියාකාරකම් හා ගුවන් හමුදා අංගම්පොර ශිල්පින් ඉදිරිපත් කරන අංගම්පොර සංදර්ශන ඇතුලු අනෙකුත් සංස්තෘතිකාංග විදහා දක්වන සංදර්ශන හා වෙළඳ කුටි සහ ප‍්‍රදර්ශන කුටි රැසකින් සමන්විත වේ.

ජනප‍්‍රීය සංගිත කණ්ඩායම් තුනක් හා ගායක ගායිකාවන් රැසක් සහභාගි වන සංගිත ප‍්‍රසංග ඇතුලු විනෝද ක‍්‍රීඩා රැසකින් සමන්විත මෙම ප‍්‍රදර්ශනය හා සැණකෙළිය අද (05) දින ද පස්වරු 2.00 සිට රාත‍්‍රී 11.00 දක්වා නොමිලේ මහජනතාව වෙත විවෘතව පවති.

Read more

Local News