වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මහතා කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී අද (5) පැවැති 2017-2018 ජාතික සාහිත්‍ය උළෙලේදී සඳහන් කළේ,
පොදු ජන රසවින්දනයට සමීපතම කලා මාධ්‍යයක් වන සාහිත්‍ය, ග්‍රාමීය මට්ටමේ සිට ජාතික තලයට ඔසවා තැබීම සඳහා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් ඇරඹූ වැඩපිළිවෙල යටතේ අංකුර සාහිත්‍යධරයන් හා ප්‍රවීන සාහිත්‍යධරයන් එකම වේදිකාවකට ගෙන ඒමට හැකි වී අැති බවයි.
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් දිස්ත්‍රික් මට්ටමින් සිංහල, දෙමළ හා ඉංග්‍රිසි මාධ්‍යවලින් පවත්වනු ලැබූ රචනා, පද්‍ය සාහිත්‍ය විචාර හා අත් අකුරු තරඟ ජයග්රාහකයින්ට ත්‍යාග හා සම්මාන පිරිනැමීම ඇමැති එස්.බී.නාවින්න මහතා, අමාත්‍යාංශ ලේකම් ඩී.ස්වර්ණපාල මහතා හා සංස්කෘතික කටයුතු අධ්යක්ෂ අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.