කලාඔය පාලම අසල පිහිටි ජල පොම්පාගාරයක් ගිනි ගනීයි

Share

සාලියවැව පානීය ජලයෝජනා ක්‍රමයට අයත් කලාඔය පාලම අසල පිහිටි ජල පොම්පාගාරය අද (5) ගිනිගෙන දැවී ගොස් තිබෙන බව වාර්තා වෙයි.

ගින්න ඇතිවන අවස්ථාවේ දී කිසිවෙකුත් එහි නොසිටි බවයි සඳහන් වන්නේ.

මෙම පොම්පාගාරයේ ජල මොටර් 3ක් සවිකර ඇත. එමගින් සැතපුමක් පමණ දුරින් පිහිටි ජල පවිත්‍රාගාරයට නිරන්තරව ජලය පොම්ප කෙරේ.

ගින්නෙන් පොම්පාගාරයට දැඩි අලාභයක් සිදුවී ඇති අතර ගින්නට හේතුව අනාවරණය වී නොමැත.

Read more

Local News