ජනපති ප්‍රධානත්වයෙන් ජගත් කාන්තා දින ජාතික සැමරුම 8 දා

Share

ජනාධිපති මෛත්‍රිපාල සිරි‍සේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම් උත්සවය මේ මස 8 දා පෙරවරුවේ පොළොන්නරුව කදුරුවෙල කෘෂි ආර්ථික මධ්‍යස්ථාන ඉදිකිරීම් භුමියේ දී පැවැත්වේ.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශ සංවිධාන කරන මෙම උත්සවයට කාන්තාවන් 2500 පමණ සහභාගි වීමට නියමිතය.

එම ජාතික සැමරුම් උත්සවයේ දී, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ලංකා පුර, මැදිරිගිරිය, දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ගෘහ මූලික වූ අඩු ආදායම්ලාභී කාන්තාවන් 15දෙනකු සඳහා ස්වයං රැකියා ණය සහන පිරිනැමීම, වැලිකන්ද, තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ගෘහ මූලික වූ අඩු ආදායම්ලාභී කාන්තාවන් 10දෙනකුට  ව්‍යවසායකත්ව පුහුණුව, වෘත්තීය සහ තාක්ෂණික පුහුණුව ලබා දීම, තාක්ෂණික සහ මුල්‍යමය ආධාර ලබා දීම, ගෘහමූලික කාන්තා නිෂ්පාදන සහ වෙළෙඳ කණ්ඩායම් සංවිධාන කිරීම සහ ජාලගත කිරීම සිදු කෙරේ.

මෙම උත්සවයේ විශේෂ ආරාධිතයන් ලෙස කාන්තා කටයුතු ඇමැතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ඇතුළු දේශපාලන නියෝජිතයන් රැසක් සහභාගීවීමට නියමිතයි.

Read more

Local News