සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු නැවත දැනුම් දෙනතුරු අවලංගු කරයි

Share

පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා විසින් ඊයේ(06) දැනුම් දී තිබෙන්නේ සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු නැවත දැනුම් දෙනතුරු අවලංගු කර ඇති බවයි.

මධ්‍යම පළාතේ මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය ආශ්‍රිතව පැන නැගි ඇති කලබලකාරී වාතාවරණය හේතුකොට ගෙන දිවයිනේ අනෙකුත් ප්‍රදේශයන් තුලද එවැනි ප්‍රචන්ඩකාරි සිද්ධීන් සිදුවිමේ ප්‍රවණතාවක් පවතින හෙයින් එම තත්වය පහව යනතුරු මෙලෙස පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බව සදහන් වේ.

එසේ වුවද අත්‍යවශ්‍ය කරුණක් මත නිවාඩු ලබා ගැනිමට නිලධාරියෙකු ට අවශ්‍ය වන්නේ නම් පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිසි අනුමැතිය ඇතිව නිවාඩු ලබා ගැනිමට හැකි බව පොලිස්පතිවරයා දැනුම් දී ඇත.

Read more

Local News